WikiDict English Sinhalese dictionary

Post by : wikidictJan 07, 2016
Price : Free
( 11)

 1,904     128

පරිඝනකයට අලුත් ශබ්දකෝෂයක් , WikiDict ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

අනෙකුත් ශබ්දකෝෂ වලට වඩා වෙනස් විදියට නිර්මාණය කරන ලද WikiDict ශබ්දකෝෂය ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරන්නත් සිංහල ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නත් පුළුවන්. වචන 275000 කට අදික දත්ත ගොනුවකින් සමන්විත වන අතර ඉංජිනේරු විද්‍යාව,වෛද්‍ය විද්‍යාව,රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, නීති විද්‍යාව, කලාව, සත්ත්ව විද්‍යාව, කෘෂිකර්මය, පුරා විද්‍යාව, උද්භිද විද්‍යාව, ආර්ථික විද්‍යාව, තොරතුරු තාක්ෂනය, කළමනාකරණය, ඉතිහාසය යන ක්ෂේත්‍ර ආවරණය වන ලෙස සකසා ඇත .මෙහි භෞතික විද්‍යාව සදහා දෙමල ශබ්දකෝෂය ඇතුලත් කර තිබෙනවා .සිංහල Unicode type කරන්න සිංහල keyboard එකක් වගේම Singlish tool එකක් මෙහි ඇතුලත් කර තිබෙනවා.
ලොකු window එකක වැඩ කරන්න අකමැති අයට Mini WikiDict tool එක පාවිච්චි කරන්න පුළුවන්.මෙය ඔබගේ window එකේ කුඩා කොටසකට සිමා වන අතර always on top නිසා පහසුවෙන් web browser එක්ක උනත් වැඩ කරන්න පුළුවන්.
තවද මෙහි වචන bookmark කිරිමත් bookmark කල වචන නැවත ලබාගැනීමටත් වචන උච්චාරණය කිරීමටත් පහසුකම් සලසා ඇත.Article කියවීමට Editor එකක් ලබදී ඇති අතර නොදන්නා වචනය මත right click කර තේරුම ලබාගැනීමට හැකියාවක් ඇත.
Article එකක ඇති නොදන්නා සියලුම වචන එකවර ලබා ගැනීමට Quick translator එකක් හා PDF කියවීමට PDF reader එකක් A සිට Z දක්වා වචන බලා ගැනීමට A-Z ශබ්දකෝෂයක් හා වචන පාඩම් කරන අයට dictation tool එකක්ද මෙම ශබ්දකෝෂයේ ඇත.
පෙනුමෙන් ඉතා සරල හා පහසුවෙන් ඕනෑම කෙනෙකුට වැඩ කරගන්න පුළුවන්.windows 7,8,8.1 සහ Windows 10 සියල්ලටම මෙය ක්‍රියා කිරිඉමේ හැකියාවක් ඇත.WikiDict සම්පුර්ණයෙන්ම ලාංකික නිර්මාණයක් වන අතර Kasun K Herath විසින් නිර්මාණය කරන ලදී.මෙය පාසල් හා විශ්ව විද්‍යාල වල සිසුන් සදහා බොහොමයක් ප්‍රයෝජනවත් වනු ඇත.
5
11 total
 5
 4
 3
 2
 1
11
0
0
0
0